මටත් විශේෂ කෙනෙක් ඉන්නවා - මාධව විජේසිංහ

Add Your Event
Events in Australia

Vote Box

Who will be the next president of Sri Lanka?

Time zone

Weather-Melbourne

Forecast Melbourne
You are here: Home tharuwakage wagathuga මටත් විශේෂ කෙනෙක් ඉන්නවා - මාධව විජේසිංහ
sponsored

මටත් විශේෂ කෙනෙක් ඉන්නවා - මාධව විජේසිංහ

Share

 

අනුහස් කියන්නේ ආවේගශීලී කලබලකාරී චරිතයක් වුණත් ඔහු සැබෑ ජීවිතයේදීබොහොම විනෝදකාමී සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසාම මාධව විජේසිංහගේ අලුත්තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා.

මොනවද මාධව මේ දවල්වල කරන්නේ?
මේ දවස්වල විකාශන වෙනතූර්යා ටෙලි නාට්‍යයෙත් සිහින විලක් ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කරනවා.ඊට අමතරව දෙරණ ලිටල්ස්ටාර් වැඩසටහනේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.

වසර පහක්ම ඔබ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ නිවේදන කටයුතු කරනවා?


ඔව්මිනිස්සු මාව මුලින්ම හඳුනා ගත්තේ ලිට්ල් ස්ටාර් වේදිකාවේ නිවේදනකටයුතුවලින්. ඒ හරහා ගොඩනැගුණු දැන හැඳුනුම්කම් මත තමයි මට රංගනයට අවස්ථාවලැබෙන්නේ.

කුඩා දරුවන් එක්ක කරන වැඩසටහනක් නිසා නිවේදන කටයුත්ත පහසු නැතුව ඇති?
බැලූබැල්මට රූපවාහිනියේ දකින අනෙක් රියැලිටි වැඩසටහන්වලට වඩා ලිට්ල්ස්ටාර්වැඩසටහන වෙනස්. පේන්නේ නම් බොහෝම ‍ලේසි වැඩක් කියලා. නමුත් අමාරුම වැඩේතමයි ‍පොඩි ළමයින් එක්ක කටයුතු කරන එක. ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම උත්තරදෙන්නේ බොහෝම කෙටියෙන්. ඒ නිසා එයාලත් එක්ක ගොඩක් සමීප වෙන්න ඕනේ. වසරපහක්ම යාළුවෝ වගේ අපි වැඩසටහන කරගෙන ගියා. ඇත්තටම ගොඩක් සතුටින් මම එයාලටසම්බන්ධ වෙලා ඉන්නේ. මගතොටේදී ගොඩක් ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම මෙහිනිවේදනය හරහා මට ලැබි තියෙන දේ බොහොමයි.

මොනවද ඒ හරහා ඔබට ලැබිලා තියෙන්නේ?
ඒ හරහා වෙනත් ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් රංගන ක්ෂේත්‍රයට.

වෘත්තියෙන් කවුරු වෙන්නද කැමැති?
මමඋසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. ඒ අතරේ සංගීතය විශාරද අදියර එක දක්වාඉගෙන ගෙන තියෙනවා. කලාවට තියෙන ආසාව නිසාම ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝවීඩියෝ ඩිප්ලෝමාව කළා. රූපවාහිනිය ගැන සිනමාව ගැන ඉගෙන ගන්න ඒක හොඳඅවස්ථාවක් වුණා. ඒ නිසා අනගාතයේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි කැමැති. මමදැනටත් ඒ සම්බන්ධයෙන් පුංචි පුංචි දේවල් කරනවා.

ඒ කියන්නේ දැන් ඉඳන්ම අධ්‍යක්ෂණයට යොමු වෙලා
එහෙමනෑ. පෞද්ගලිකව සමහර හිතවත් අයගේ ‍පොඩි ‍පොඩි නිෂ්පාදන කටයුතුවලට දායක වෙලාතියෙනවා. හැබැයි මගේ නමවත් මම සඳහන් කරලා නෑ. ඒ කටයුතු තාම බොහොමප්‍රාථමික මට්ටමේ තියෙන්නේ.

මාධව ජනප්‍රියද?
මමහිතනවා ජනප්‍රියයි කියලා. එළියට බැස්සම බොහෝ දෙනා මට අනුහස් කියලා කතාකරන්නේ. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්නඅපි දක්වන ප්‍රතිචාරත් වැදගත්. මොනතරම් කාර්යබහුල මොහොතක වුණත් මග තොටේදීහමුවන රසිකයන් එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න මම අමතක කරන් නෑ

රංගනයටද නිවේදනයටද වැඩිපුර කැමැති?
දෙකටම සම සමව කැමැතියි.

එතකොට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?
දෙකටමසම සම ප්‍රතිචාර ලැබෙනවා. රංගනය පැත්තෙන් වස්සාන සිහිනය ටෙලිනාට්‍යයේකසුන්ගේ චරිතයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම දෙරණ ලිට්ල්ස්ටාර් වැඩසටහනේනිවේදනය සඳහාත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.

රංගනයේදී හෝ නිවේදනයේදී අනුගමනය කිරීමක් හෝ අනුකරණය කිරීමක් කරනවාද?
මමඅනුකරණය කරන්නෑ අනුගමනය කරනවා. මම නිවේදන කටයුතුවලට එන්න කලින් කිංස්ලිරත්නායක, නාරද බක්මීවැව, ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණයන්ගේ නිවේදන විලාසයදිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ තුළින් මට ගතහැකි හොඳ දෙයක් තියෙනවා නම් මම ඒදේ ගන්නවා. මම රංගන පාසලකට ගිහිල්ලා නෑ. ඒත් සෙට් එකත් එක්ක ඉන්න කොට වුණත්ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මම ඉගෙන ගන්නවා.

වේදිකාව මග හැරිලද?
අනේනෑ මම ගොඩක් ආදරය කරන තැනක් තමයි වේදිකාව. රංගන ක්ෂේත්‍රයට එන ඕනම කෙනෙකුටහොඳ පාසලක්. මටත් ඒ පාසලෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුණා. මේ දිනවල වේදිකාගතවන නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ උමතුසංවරුසාව හා ජයසේකර අ‍පෝන්සුගේ පාතාලයේ සොල්දාදුවෝ. ඒ වේදිකා නාට්‍ය දෙකමනැවත ප්‍රතිනිර්මාණය කළ නාට්‍ය දෙකක්.

මගතොටේදී තරුණියන්ගෙන් ප්‍රතිචාර බොහෝම වැඩියි කියලා ආරංචියි?
ආච්චි සීයාගේ ඉඳලා හැම දෙනාගේම ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරේ තරුණියන්ගේ ප්‍රතිචාරත් ලැබෙනවා.

තරුණියන් අතරේ විශේෂ කෙනෙක් ඉන්නවද?
විශේෂ කෙනෙක් ඉන්නවා. එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් නමෛයි.

රංගනය හෝ නිවේදනයේදී ඔබේ අවසාන ඉලක්කය?
කවදාහරි දවසක අහවල් පුද්ගලයා වගේ වෙනවා කියලා හිතේ නෑ. මට දෙන වැඩේ මම උපරිමකැපවීමෙන් හරියට කරන්න හැමවිමට උත්සාහ කරනවා. මේ හැම දේම තුළින් අවසානයේජනතා සම්මානය තමයි මට වටින්නේ.

අනාගතය හිතේ ලියාගෙන තියෙන්නේ?
කාටවත් කරදරයක් නැතුව මිනිස්සුන්ට සේවයක් කරගෙන ඉන්න තමයි කැමැති.

 උපුටා ගැනිම ලංකාදීප පුවත්පත


 

 

Sri Lanka Time

Donate us to support Sri Lanka cancer hospital

Currency Converter

Login Form